මහ / සුජාතා බාලිකා ජාතික පාසල - ගලගෙදර
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට අධ්‍යාපන කලාපයේ ගලගෙදර පිහිටි පාසලක් වන මහ / සුජාතා බාලිකා ජාතික පාසල වසර 116 ක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියයි.1906 ජනවාරි 10 වන දින ගම්සභා උසාවි ගොඩනැගිල්ලේ ස්වභාෂා පාඨශාලාවක් ලෙස සිසුවියන් 10 දෙනෙකුගෙන් හා එක් ගුරුවරියකගෙන් ආරම්භ කරන ලද මෙම විද්‍යාලය 1915 ජනවාරි 16 දින දැනට පාසල පවතින භූමියේ කුඩා ගොඩනැගිල්ලකට ගෙන එන ලදි.1963 මහ විද්‍යාලයක් බවට බවට පත් වූ මෙහි උසස් පෙළ පංති ආරම්භ වී ඇත්තේ 1973 වර්ෂයේදී ය. දැනට පළමුවන ෙශ්ර්ණිෙය් සිට 13 ෙශ්‍ර්ණිය දක්වා පන්ති පැවැත්ෙවන අප පාසලේ උසස් පෙළ කලා හා වාණිජ අංශ වලින් පංති පැවැත්වේ.සිසුවියන් දහසකට අාසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අප පාසල , ප්‍රදේශයේ ඒකම බාලිකා විද්‍යාලයයි.
ආර්.පී.කේ.රන්දුනුපුර මිය
දැක්ම
දැයේ සවියට දිරිය දියණියක්
මෙහෙවර
සුජාතා දියණියන් නැණැ ගුණයෙන් පිරිපුන්ව
දැයට අගනා මෙහෙවරක් ඉටු කරන අභිමානවත්
පිරිසක් බවට පත් කිරීමට ඇප කැප වෙමු.
පාසල් ගීතය
විපුල විරාජිත නම අපරාජිත සකල කලා ශිල්පා ධරණි
ගුණ ණැන පූජිත තක්සලාව ගරු සුජාතා අප විදු මව් සැරදේ...//
මනරම් කදු පෙළ ගලනා ඇළ දොළ
සොබාසිරිය මැද වැජබෙන්නේ ...
මැද රට අභිමන සගරජ පහසින
නිති ඔබ ආසිරි ගැන්වෙන්නේ...
සුජාතා අප විදුමව් සැරදේ...//
සිහල දමිළ මුස්ලිම් මේ අපසැම
එක්ව සැදෙන විදුබිම ඔබවේ...
මතුදැය නගනා දිරියදියණියන්
බිහිකරලනු මැන අප අතරින්...
සුජාතා අප විදුහල් මව්නි...///